Saturday, September 21, 2024

තාජුඩීන් ඝාතනය-මහාචාර්ය සමරසේකර අත්අඩංගුවට ගැනීම වළකන අතුරු නියෝගයක් ඉල්ලයි

මහාචාර්ය සමරසේකර අත්අඩංගුවට ගැනීම වළකන අතුරු නියෝගයක් ඉල්ලයි

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ ශරීරයෙන් ඉවත් කළ අස්ථි කොටස් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තැන්පත් කර තිබියදී අතුරුදන්වීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීම වළකන අතුරු ආඥා නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක ගුණතිලක මහත්මියගෙන් ඊයේ (13) ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සම්බන්ධව ඊළඟ නඩු දිනයේ සලකා බැලීමට විනිසුරුතුමිය ඊයේ (13) තීරණය කළාය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය මගින් තමාට අපේක්ෂිත ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගය අවලංගු කර තමා අපේක්ෂිත ඇප මත මුදාහැරීමට නියෝග කරන ලෙස ඉල්ලා මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලූ විනිසුරුතුමිය එසේ නියෝග කළාය.

මෙම ප්‍රතිශෝධන අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති නීතිපතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලබන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද විනිසුරුතුමිය ඊයේ (13) නියෝග කළාය.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාව කටයුතු කරන වකවානුවේ ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ තැතක් ඇති බව පවසමින් තමාට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලා මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පසුගිය ඔක්තෝබර් 15 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles