Saturday, September 21, 2024

වදහිංසාව අපරාධයක් – අනුමත කරන්න කොහෙත්ම බැහැ-ඇමති මංගල

රජයේ පාර්ශ්වයෙන් මෙන්ම රාජ්‍ය නොවන පාර්ශ්වයන්ගෙන්ද තවමත් වදහිංසාව සිදුවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

වදහිංසාව යනු බරපතළ අපරාධයක් බවත්, එය කිසිදු ආකාරයකට අනුමත කිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ වදහිංසාව වැළැක්වීමේ කමිටුව වෙත මෙරට සිවිල් සංවිධාන එකමුතුව ඉදිරිපත්කරනු ලබන ඒකාබද්ධ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ(13දා) ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදීය.

ශිෂ්ට සමාජයක වදහිංසාවට කිසිදු තැනක් නොමැති බවත්, වදහිංසාව තුරන් කිරීමට නම් පාසල් විෂය මාලාවට පවා එය ඇතුළත් කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

වදහිංසාව පමණක් නොව අවමන් සහගත ක_ර අමානුෂික සැලකීම පවා රජය අනුමත නොකරන අතර, එය තුරන් කිරීම රජයට පමණක් තනිව කළ නොහැක්කක් බවද අමාත්‍යවරයා කීය.

මෙරටින් වදහිංසාව පිටුදැකීමට මුළුමහත් සමාජයම එක්විය යුතු බව පැවසූ අමාත්‍යවරයා,

&වදහිංසාව කියන්නේ බරපතළ අපරාධයක්. එය කිසිදු ආකාරයකට අනුමත කරන්නට බැහැ. රජයේ පාර්ශ්වයෙන් වගේම රාජ්‍ය නොවන පාර්ශ්වවලින්ද තවමත් වදහිංසාව සිදුවෙනවා. ශිෂ්ට සමාජයක වදහිංසාවට කිසිදු තැනක් නැහැ.  කිසිදු අවස්ථාවක වදහිංසාව අනුමත කරන්න බැහැ. වදහිංසාව තුරන් කීරීමට රජයට පමණක් හැකියාවක් නැහැ.එයට සමාජයම එකතුවියයුතුයි. වදහිංසාව පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීමට නම් මේසම්බන්ධයෙන් පාසල් විෂය මාලාවට පවා එය ඇති කළ යුතුයි.වදහිංසාව පමණක් නොව අවමන් සහගත ක_ර අමානුෂික සැලකීම පවා රජය අනුමත කරන්නේ නැහැ.

රජයේ නිලධාරීන් වදහිංසාව බැහැර කිරීමේ අදහසක නැහැ. ඔවුන් තවමත් සිටින්නේ මුල්බැසගත් මතවලයි. කෙසේවෙතත් මෙම තත්ත්වය වෙනස් කළ යුතුයි. වදහිංසාව වෙනුවට අපරාධ මර්දනය කරන දියුණු තාක්ෂණික ක්‍රම අප විසින් හඳුන්වා දියයුතුයි* යනුවෙන්දකියා සිටියේය.

මෙහීදී අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන බිටෝ ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ වත්මන් තත්ත්ව යටතේ  වදහිංසාව තරමක් අඩුවී ඇතත්, එය සම්පූර්ණයෙන් තුරන්ව ඇතැයි ප්‍රකාශ කළ නොහැකි බවයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ වදහිංසාව වැළැක්වීමේ කමිටුව මෙරටට ඉදිරිපත් කරන නිර්දේශ ආදිය පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කළ යුතු බවත්, සමාජය මේ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බවත් ඔහු කීය.

සිවිල් සංවිධාන 46 ක් එක්ව මෙවර වාර්තාව සකසා තිබූ අතර, ඒසඳහා එම සංවිධාන සාමාජිකයෝද එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles