Saturday, September 21, 2024

පුරවැසි බලයෙන් ජනපතිට දොස්

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු නාවික හමුදාපතිවරුන් අධිකරණය ඉදිරියට පැමිණවීම හෙළා දකින බවට මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ කථාව පුරවැසි බලය හෙළා දකියි.

ගිය වසරේ ජනවාරි 8 වැනිදා සිරිසේන බලයට පත් කිරීමට දුන් ඡන්ද 62 දෙලක්ෂයම තනිකරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් නොවන නිසා ජනපතිට එවැනි කථාවක් කළ නොහැකි බව එම සංවිධානයේ ගාමිණී වියන්ගොඩ අද (14) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදාපතිවරුනුත් ශ්‍රී ලංකාවේ පොදු නීතියට යටත් විය යුතු නමුත් ජනපතිගේ කථාවෙන් එය නිශේධනය වී ඇතැයි ද වියන්ගොඩ මහතා කීය.

මෛත්‍රිපාල සිරිසේන ජනපති බලයට ගෙන ඒමට පුරවැසි බලයේ විද්වත්හු ද සහාය දුන්හ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles