Saturday, September 21, 2024

2030 දී ඉහළ ආදායම් ලබන රටක්

තවත් දශක එක හමාරකින් එනම් 2030 වසර වන විට ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා ගෝලීය ආර්ථික ප‍්‍රවණතාවයන් මෙන්ම නව තාක්‍ෂණයද උපයෝගී කරගත යුතු බව කී අග‍්‍රාමාත්‍යවරයා ගෝලීය ආර්ථිකය ආසියාකරය වෙත කේන්ද්‍රගත වෙමින් තිබෙන බවත්, ආසියාකරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාව එහි උපරිම ප‍්‍රයෝජනය ලබාගත යුතු බවත් සඳහන් කළේය.

චීන සමාගම් ද සම්බන්ධ කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ පවත්වාගෙන යාමට  රජය එකඟතාවයකට පැමිණ ඇතැයි ද කී   වික‍්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළින් මෙරට විදේශ සංචිතයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් එක් වනු ඇතැයිද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles