Sunday, September 22, 2024

පොලීසියේ නිලධාරීන් 7,000ක පුරප්පාඩුවක්

සමස්ත පොලිස් සේවයේ රාජකාරි කටයුතු සිදුකිරීමට පහළ ශ්‍රේණිවල නිලධාරීන් 7,000ක පුරප්පාඩුවක් පවතින බව ජාතික පොලිස් කොමිසම සඳහන් කරයි. මේනිසා නිලධාරීන්ට දෛනිකව එක දිනකට සැලකිය යුතු පැය ගණනක් සේවය කිරීමට සිදුව තිබෙන බවද එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.

පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අපහසු වී තිබෙන්නේ වසරකටපොලිස් නිලධාරීන් දහසකට ආසන්න ප්‍රමාණයක් පමණක් පුහුණු කිරීමට පහසුකම් තිබීම නිසා බවද ලේකම්වරයා සඳහන් කළේය.

මේ නිසා වසරකට එකවර දෙදහසක් පුහුණු කිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වී තිබෙන බවත්, සමස්ත පුරප්පාඩු ප්‍රමාණය සම්පූර්ණ කිරීමට හැකි වුවහොත් පොලිස් නිලධාරීන් දිනකට සේවය කළ යුතු පැය 12කට ආසන්න කාලය යම් තරමකට අඩුකරගත හැකි බවත් ඔහු  කියා සිටියේය.

පොලිස් සේවය තුළනිලධාරීන් 83,000ක් සේවය කළ යුතු වුවද, මේ වනවිට සේවය කරන්නේ 76,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවද ඔහු කියා සිටියේය.

1500කට අධික ප්‍රමාණයක් පොලිස් සේවය අතහැර ගොස් තිබෙන බවත්, අභියාචනා මත මෙම පිරිස් බඳවාගැනීමට අවශ්‍ය සැලසුම් කළ බවත් කී ඒ මහතා මේ අනුව 500කට අධික අභියාචනා ප්‍රමාණයකින් 500 දෙනෙකු නැවත පොලිස් සේවයට බඳවාගෙන තිබෙන බවද කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles