Sunday, September 22, 2024

“ලසන්ත ඝාතනය කෙළේ මම“ යි ලිපියක් ලියා තබා විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් ගෙල වැල ලාගෙන: ලියා ඇති නමත් වැරදියි: සැකයි..!

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙළේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම හෙවත් ආනන්ද උදලාගම නමැත්තා නොව තමා යැයි සඳහන් ලිපියක් ලියා තැබුවා යයි කියන පුද්ගලයෙකු ගෙල වැල ලා ගෙන සිය දිවි නසා ගෙන තිබේ.

කෑගල්ලේ කරඬුපානේ දෙහිපිටිය පාරේ පදිංචි එදිරිසිංහ ජයමාන්න නමැති 51 හැවිරිදි තිදරු පියෙක් සිය නිවසේ කුස්සියේ බාල්කයක මෙසේ ගෙල වැල ලාගෙන මිය ගොස් තිබී අද උදෑසන හමුවී ඇත.

මොහු යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරී වරයෙක් බවත් ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින බවත් වාර්තා වේ. “ ලසන්ත ඝාතනය කෙළේ මම. එම නිසා මගේ යාළුවා වන මලින්ද උදලාගම වැරදිකරුවෙක් නොවේ. ඔහු නිදහස් කරන්න. මෙය බුද්ධි අංශයට ලබා දීමට කටයුතු කරන්න“ යනුවෙන් සඳහන් ලිපියක් ලියා තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි.

මෙහිදී ප්‍රධාන සැකයක් මතුවන්නේ ලසන්ත ඝාතනය වෙනුවෙන් දැනට අත් අඩංගුවේ ඉන්නේ මලින්ද උදලාගම නමැත්තෙක් නොවේ. ප්‍රේමානන්ද උදලාගම හෙවත් ආනන්ද උදලාගමය. මෙතරම් මිතුරෙක් නම් මිතුරාගේ නම මලින්ද ලෙස සඳහන් කර ඇත්තේ ඇයි? මිතුරෙකුගේ නම හරියට නොදන්නා අයෙක් මිතුරා වෙනුවෙන් සිය දිවි නසා ගනීද?

ලසන්තගේ සැබෑ ඝාතකයන් විසින් තමන් බේරීම සඳහා තවත් ඝාතනයක් සිදුකර ඇතිද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.

අදාල ලිපිය මෙහි දැක්වේ lankaenewslasantha

Related Articles

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles