රක්ෂණය පෞද්ගලීකරණ කතාව සම්පූර්ණ අසත්‍යක්

0
366

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවට ගෙනයන ප්‍රචාරයන් සම්පූර්ණ අසත්‍ය බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.
ලාභ ලබන ආයතනයක් වන රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කළේ පසුගිය ආණ්ඩුව බවත්, ඔවුන් 2011 වසරේදී ජීවිත රක්ෂණ අංශය සහ සාමාන්‍ය රක්ෂණ අංශය වෙන් කළයුතු බවට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ආ බවද පවසා සිටියේය. පසුගිය ආණ්ඩු සමයේදී බොහෝ රාජ්‍ය ආයතන බෝඩ් ලෑලිවලට පමණක් සීමා වී තිබූ බැවින් ඒවා ජනතාවට බරක් වූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.
මේ නිසා රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට නව වැඩපිළිවෙළක් සකස්කර තිබෙන බවත්, එම වැඩපිළිවෙළට අනුව ඉදිරි වසර තුන ඇතුළත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලාභය තුන් ගුණයකින් ඉහළ දැමීමට අවශ්‍ය සැලසුම් සකස්කර තිබෙන බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here