Sunday, September 22, 2024

ඖෂධ හිඟයක් මැවීමේ සැලැස්මක්

ඖෂධ වර්ග 47ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය මෙම සතියේදී ප්‍රකාශයට පත් කෙරෙන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. ඖෂධ මිල අඩු කිරීමත් සමග ඖෂධ හිඟයක් මවාපෑමට ඇතැම් ඖෂධ සමාගම් උත්සාහ කළ හැකි බැවින් එයට මුහුණ දීමට අප සූදානම් විය යුතු බවද ඇමැතිවරයා පැවැසීය.
මේ වන විටත් ඖෂධ මිල අඩු කිරීම සඳහා වූ ගණනය කිරීම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සකස් කර ඇතැයි ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවේදී පවසා තිබේ.
ඖෂධ මිල අඩු කිරීමේ ක්‍රමවේදය ඉන්දියාව වසර 2013දී ආරම්භ කළ අතර මේ වන විට ඖෂධ වර්ග 500ක මිල අඩු කිරීමට ඔවුන්ට හැකි වී ඇතැයි ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මේ අනුව ජාතික ඖෂධ අධිකාරිය මගින් පළමු අදියරේදී දියවැඩියාව, අධිරුධිර පීඩනය ඇතුළු රෝග රැසකට භාවිතා කරන  ඖෂධ ද ඇතුළු ඖෂධ වර්ග 47ක මිල මෙසේ අඩු කිරීමට කටයුතු කරන බව ඇමැතිවරයා සඳහන් කරයි.
මෙසේ පළමු අදියර යටතේ අත්‍යවශ්‍ය  ඖෂධ වර්ග 47ක මිල අඩු කරන අතර දෙවන අදියර යටතේ දී අධික මිල ගණන් යටතේදී අලෙවි කරන ඖෂධවල මිල අඩු කිරීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles