තිරුකුමාර් නඩේෂන්ට ඇප -update

0
549

මල්වාන ඉඩම සම්බන්ධයෙන් FCID අත්අඩංගුවට පත් නිරුපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මුදල් හා ශරීර ඇප මත නිදහස් කර තිබේ.

ඒ පූගොඩ අධිකරණයේ නියෝගයකට අනුවයි.

අයිතිකරුවෙකු නොමැති බැවින් වෙන්දේසිකිරීමට අධිකරණය නියෝගකල මල්වානේ ඉඩම ගැන සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව බැසිල් රාජපක්ෂගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ ගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (17)‍ එෆ් සී අයි ඩී යට  කැඳවනු ලැබූ ඔහු මෙසේ අත්අඩංගුවට ගැනිනි.

මෙම ඉඩම බැසිල් රාජපක්ෂ ගේ ඥාති සහෝදරියක වන නිරුපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා විසින්මිලදීගත් බවට ඉඩම විකිණූ පාර්ශවය විසින් පවසා ඇතැයි සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here