Sunday, September 22, 2024

නොරොච්චෝලේ ගැන මඋකො පරීක්ෂණයක්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අක්‍රිය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මීට පෙර අවස්ථා තුනකදීම නොරොච්චෝලේ බලාගාරය බිඳවැටුණු විට රටටම විදුලිය විසන්ධි වූබවත්, මේසම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ නිකුත්කළ බවත්ඔහු කීය.

විදුලිබල මණ්ඩලය විසින් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හරහා බලාගාරය අක්‍රිය වුවද රටටම විදුලිය විසන්ධි වීමක් නොවන බවත්, එය පියවරක් ඉදිරියට යාමක් බවත් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේබව පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles