විසඳුමක් නොමැතිව දිනෙන් දින ඔඩුදුවන සිරියානු අර්බුදය තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යනු ඇති බවත්, තෙවැනි ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට දැන් නම් කිසිසේත්ම නොහැකි බවත් තුර්කි උප අගමැති නුමාන් කර්ටුල්මුස් අනතුරු අඟවයි.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකයේ ප්‍රබල බලකඳවුරු දෙක වන රුසියාව සහ ඇමෙරිකාව එකිනෙකට වෙනස් මත දැරීම තෙවැනි ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය වී ඇති බව තුර්කි උප අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.
නේටෝ රාජ්‍යයක් වන තුර්කිය සිරියාවේ අසල්වැසියාය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ ෂියා මුස්ලිම් රජයට තුර්කියේ සහාය නොලැබුණත්, අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් හේතුවෙන් තුර්කිය සිරියානු අර්බුදයට මැදි වී සිටී.
මෙම අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීහු පසුගිය කාලයේ තුර්කියේ බෝම්බ පුපුරුවමින්, ප්‍රහාර එල්ල කරමින් ලේ වැගිරීම් සිදු කළහ.
රුසියාව, සිරියානු ජනාධිපති අසාද් ප්‍රමුඛ රජයට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාවත් රුසියාවත් අතර අර්බුද පවතී.
මේ අතර ඇමෙරිකාවට සහාය දක්වමින් බි්‍රතාන්‍යයේ විදේශ ලේකම් බොරිස් ජොන්සන් පවසා ඇත්තේ සිරියාවට සහ රුසියාවට ආර්ථික සම්බාධක පැනැවිය යුතු බවය.
බි්‍රතාන්‍ය විදේශ ලේකම්ගේ මෙම ප්‍රකාශය ‘ගින්නට පිදුරු දැමීමක්’ යැයි තුර්කි උප අගමැති නුමාන් කර්ටුල්මුස් වැඩිදුරටත් කියා සිටී.
රුසියානු ගුවන් හමුදාවත්, සිරියානු ගුවන් හමුදාවත් එක් වී, අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින සිරියාවේ දෙවැනි විශාතම නගරය වන ඇලෙප්පෝවට ගුවන් ප්‍රහාර එල්ල කරයි. මෙය ප්‍රංශයේ විරෝධයට හේතුවක් වී ඇත. ප්‍රංශය කටයුතු කරන්නේ ඇමෙරිකාවට සහ බි්‍රතාන්‍යයට සහාය දක්වමිනි.
සිරියාව මුල්කොට ගනිමින් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය සහ ප්‍රංශය එක් වී, රුසියාව සමඟ යුද වැදුණොත්, චීනය රුසියාවට සහාය දක්වනු ඇතැයි පැවැසෙයි. එවිට සෞදිය, ඊශ්‍රායලය ඇමෙරිකාවට සහාය දක්වනු ඇත. ඉරානය වැනි ෂියා මුස්ලිම් රටවල් සිරියානු රජය සහ රුසියානු හමුදා සමඟ එක් වනු ඇත. තෙවැනි ලෝක මහා සංග්‍රාමයක් ඇරැඹෙනු ඇත්තේ ඒ අනුව යැයි තුර්කි උප අගමැති පෙන්වා දෙයි.




