තිස්ස අත්තනායක යළි රිමාන්ඩ්

0
477

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එළැඹෙන දෙසැම්බර් මස 05 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (19දා) නියෝග කළාය.

පසුගිය ජනපතිවරණ සමයේදී පොදු අපෙක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා එවකට විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජව යොදමින් කූඨ ලේඛණ සැකසීයැයි තිස්ස අත්තනායක එරෙහිව නඩු පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here