Saturday, September 21, 2024

ගෙල වැළලාගත් බුද්ධි නිලධාරියා විශ්‍රාම ගත්තේ 2007 වසරේ – ලසන්ත ඝාතනය කෙළේ 2009 වසරේ!

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙළේ තමා බව පවසමින් ගෙල වැලලාගෙන මියගිය බුද්ධි අංශ හිටපු සාජන් මේජර්වරයා විශ්‍රාම ගොස් ඇත්තේ පසුගිය 2007 වසරේ බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

එහෙත් ලසන්ත ඝාතනය සිදුවූයේ 2009 වසරේ ජනවාරි 08 වනදායි.

මියගිය බුද්ධි අංශ නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් සතු බැංකු ගිණුම් තිහක වාර්තා සහ දුරකතනවල වාර්තා ලබා ගැනීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ද රහස් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර සාජන් මේජර්වරයා සේවය කළ හමුදා කඳවුරක පැරැණි මිතුරන් හමුවීමට ඔහු මියයෑමට පෙර ගොස් ඇද්ද යන්න ගැනද රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි පැවසෙන්නේ. neth fm

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles