යළිත් සමෘද්ධි එයි

0
376

දිවිනැගුම පනත සංශෝධනය කර සමෘද්ධි ලෙස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේසඳහා වන නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් තර තිබේ. මේ අනුව දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස මෙතෙක් භාවිතා කළ නාමය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස වෙනස් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here