දිල්රුක්ෂිගේ අස්වීම ජනපති පිළිගනියි

0
352

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඇය විසින් ඉකුත් 17වන දින සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ අතර ඒවන විට ජනාධිපතිවරයා සිටියේ විදෙස් සංචාරයකට සහභාගිවීය.

පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හා අල්ලස් කොමිසය දේශපාලන න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන්නේනම් ඒ පිළිබඳ දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ප්‍රකාශ කරන ලදී.

මෙම ප්‍රකාශයෙන් පසුව දිල්රුක්ෂි ඩයස් මිය ඉල්ලා අස්වීමට තීරණය කළ අතර එම ලිපිය යොමු කර තිබුණද නිල වශයෙන් එය බාරගත් බවක් හෝ ප්‍රතික්ෂේප කළ බවක් වාර්තා නොවිණි.

ඒ අනුව අද පස්වරුව වනවිට ඇයගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ආරංචි මාර්ග විසින් තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here