GSP සහනය ලබන වසරේදී

0
393

2017 වසරේ දී ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් පවතින බවත්, ඒ පිළිබඳ තමන්ට කිසිදු සැකයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බෙල්ජියමේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා යුරෝපා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මාධ්‍ය අමතමින් මේ බව පැවසීය.

එසේම තමා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඒ පිළිබඳ  සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද (19දා) පැවැති මාධ්‍ය හමුවේදී අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ජීඑස්පීප්ලස් සහනය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු සහ පිළිපැදිය යුතු නීතිරීති සපුරාගැනීමේ වගකීම ශ්‍රී ලංකාව සතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here