Saturday, September 21, 2024

පොලිස්පතිටත් ඉහළින් ඉන්න දොඩම්ගෙඩ oic

මතුගම, දොඩම්ගෙඩ ප්‍රදේශවලට පිළිලයක් වී ඇති යුනිෆෝම් අඳින නිලධාරියෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. ඒ පොලිස් පරීක්ෂක දසනායකය.මොහු උග්‍ර රාජපක්ෂවාදියකු වන අතර යූ.එන්.පී.කාරයින්ගෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු කරයි. මතුගම පොලිස් ස්ථානයේ මේ මොහු රාජකාරී කරමින් සිටියදී රථ වාහන සඳහා නොකළ වැරදිවලට ද දඩ කොළ නිකුත් කිරීමට පියවර ගත්තේය.
මතුගමින් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානය වෙත මාරු වී ගියේ රථ වාහන ස්ථානාධිපතිවරයා ලෙසය. ත්‍රිකුණාමලය වෙත මාරු වී ගියද සිය සුපුරුදු නීහීන රාජකාරිය නතර නොකළේය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේද යූ.එන්.පී.කාරයින් තෝරාගෙන රථ වාහන වැරදි සම්බන්ධයෙන් දිගින් දිගටම පළිගත්තේය.
පසුව නිර්මල කොතලාවලගේ හා කුමාර වෙල්ගමගේ අනුහසින් දොඩංගෙඩ අධිවේගී මාර්ග පොලිස් මුරපොළෙහි ස්ථානාධිපතිවරයා ලෙස පැමිණෙයි.ඉන් පසුව උන්මත්තකයකු  ලෙස ක්‍රියාකරන මොහු පෙර ක්‍රියාවම තව තවත් උග්‍ර අතට හරවයි.
වත්මන් ආණ්ඩුව පැමිණි පසුද මහින්ද චින්තනය දිගින් දිගටම ක්‍රියාත්මක කරන්නේ මට කවුරුත් ලොකු නැහැ යැයි පවසමිනි.ඒ අනුව යමින් රාජිත සේනාරත්න හා මහින්ද සමරසිංහ ඇමතිවරුන්ටද දඩ කොළ ලබාදුන් බව පවසන්නේ මහත් උජාරුවෙනි. මෙවැනි දූෂිත නිලධාරින් නිසා මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වන බව පොලිස්පතිවරයාගේ දැනගැනීම පිණිස සටහන් කළ යුතු අතර මේ නිලධාරියාගේ ඉතිහාසය පිළිබඳව සොයා බලා කඩිනමින් ක්‍රියා මාර්ගයක් ගැනීම ජනතාවගේ හිත සුව පිණිස කළ යුතුව ඇත. www.gossip9.com

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles