කොන්වැවට පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානයක්

0
366

මහවැලි එච් කළාපයේ ගොවීන්ගේ පළතුරු සදහා නිසි මිලක් ලබා දීම හා අරමුණින් සාක් සංවර්ධන අරමුදල යටතේ කෘෂිකර්ම අමාත්‍යංශය , කෘෂිකර්ම දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා පශු අස්වනු තාක්ෂණික ආයතනය එක්ව තඹුත්තේගම කොන්වැව ප්‍රදේශයේදී පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානයක් විවෘත කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක, මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍යය අමාත්‍යය අනුරාධ ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානයේදී පළතුරු හොදින් සෝදා පිරිසිදු කර,පළතුරු වල බර ප්‍රමාණයන් අනුව තෝරා වෙළදපළට නිකුත් කිරීමට අවශ්‍යය අයුරින් ඇසුරුම් කිරීම් සිදු කර ඉල්ලුමක් ලැබෙනතුරු ශීතාගාර තුළ ගබඩා කර තැබීම සිදු කරනු ලබයි.

මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානය සදහා එම ප්‍රදේශයේම තරුණ තරුණියන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා පුහුණු කර ඒ සදහා යොමු කිරීමටද නියමිතය.

මහවැලි එච් කළාපයේ බහුලව වගා කෙරෙන කෙසෙල්, කොමඩු, අඹ, පැපොල් ආදී පළතුරු සදහා නිසි වෙලදපලක් ලබා දීමේ අරමුණින් මෙම පළතුරු ඇසුරුම් මධ්‍යස්ථානය විවෘත විය.එහිදී ප්‍රදේශයේ පළතුරු ගොවීන් සදහා පළතුරු ප්‍රවාහනයට අවශ්‍යය කූඩ ප්‍රධානය කිරීමද අමාත්‍යයවරුන් අතින් සිදු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here