Saturday, September 21, 2024

කොමිෂන් ගැන ජනපතිගේ අප්‍රසාදය

සිය ප්‍රකාශය ගැන ජනපති කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත ‍කියයි. ස්වාධීන කොමිෂන් සභාවන් සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රසාදයෙන් පසුවන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එමනිසා එහි ප්‍රතිඵලයක් ලෙස ජනපතිතුමන්ගේ ප්‍රකාශය සිදු කෙරුණු බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මහින්ද රාජපක්ෂගේ පවුලේ උදවිය, ඥාතීන් මෙන්ම හිතවතුන් සිදුකරන ලද කෝටි ගණන් වංචා දූෂණ පිළිබඳ විමර්ශනයක් සිදුනොකර අමාත්‍යවරුන්වත් හමුදාපතිවරුන්වත් විමර්ශනවලට කැඳවීම අනුමත කළ නොහැකි බව ද පවසා සිටියේ ය.

යුද්ධය දිනා දීම සඳහා කැපවූ හමුදාපතිවරුන් සහ හමුදාවේ අයව සුළු දේවල් මුල්කරගෙන විමර්ශනයන්ට කැඳවීම අප්‍රසාදයට හේතුවී ඇති බවත් සුළු සිදුවීම් පිළිබඳ අමාත්‍යවරුන් කැඳවීම ගැන සෙසු අමාත්‍යවරුන් තුළ කැමැත්තක් නැති බවත් පෙන්වා දුන් සේනාරත්න මහතා පාලනය වෙනස්වුවත් ආණ්ඩුව වෙනස් නොවීම නිසා සමහර පරීක්ෂණ යටගොස් ඇති බවත් පෙන්වා දුන්නේ ය.

ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය පැහැදිලි කළ බවත් මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවත් ඔහු අවධාරණය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles