චෝල බිය හා ගෝඨාභය බිය දැන් නැහැ- ඇමති විජිත් විජයමුණි

0
410

ඉකුත් ආණ්ඩුව සමයේ මෙන් රාජබිය, චෝල බිය හා ගෝඨාභය බිය දැන් නැති බවද ජනාධිපතිවරයා ශ්‍රීලනිපය කැඩීයාමට නොදී පක්ෂය නිවැරදිව මෙහෙවන බවද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි මහතා පැවසීය

මෙවර අය වැය සැකසීමේදී ශ්‍රීලනිපයේ අදහස් හා යෝජනාද ලබාදී ඇති බවද පැවසු අමාත්‍යවරයා  අප්පච්චි ගත් ණය ටික අම්මයි, බාප්පයි, දරුවෝ ටිකයි ගෙවාගෙන යන බවත්, ඒ කාලේ ගත් ණයවල රඟේ දැන් තේරෙන බවත්, පැවසීය. ශ්‍රීලනිප මූලස්ථානයේදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  ආණ්ඩුවක් ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා  එම ණය පියවීම සඳහා කළමනාකරණය මැනවින් සිදුකරමින් අවශ්‍ය කටයුතු කරන බවත්, ඒ මහතා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here