උසාවිය නිහඬයි පෙන්නන්න අවසරයි

0
372

“උසාවිය නිහඬයි” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළක්වමින් පනවා තිබූ වාරණය ඉවත් කර තිබේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි” චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම වළකාලමින් වාරණ නියෝගයක් කොළඹ දිසා විනිසුරු එම්. යූ ගුණවර්ධණ මහතා විසින් පසුගිය (05) වන දා නිකුත් කර තිබුණි.
ඒ පසුගිය (05) හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක මහතා විසින් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ අවස්තාවේදීය.  අද (21) එම නඩුවේ කරුණු විභාග කළ කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධණ මහතා අදාළ වාරණ නියෝගය අත්හිටුවීමට තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here