නාවික භටයන්ට පහර දුන්නැයි 06ක් රිමාන්ඩ්

0
312

මන්නාරම මූතුඅරිප්පුතුරෙයි ප‍්‍රදේශයේදී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිලාවත්තුරෙයි පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා ලබන 24 වෙනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මන්නාරම මහේස්ත‍්‍රාත් ඒ.ජී.ඇලෙකස්රාජාගේ නියෝගයකට අනුවයි.

රාත්‍රීයේ නිවසකට අනවසරෙන් ඇතුළු වූ  බව කියමින් නාවික හමුදා නිලධාරි‍යෙකුට ගම්වාසීන් පහර දී තිබුණු මෙහිදී ඇතිවූ ගැටුමකදී එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here