Thursday, November 14, 2024

අයවැයේදී ජනතා අදහස්වලට මුල් තැන

මෙවර අයවැය ඉදිරිපත් කිරීමේදී ජනතා අදහස්වලට මුල් තැනක් දී ඇතැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. ඉදිරි වසර සඳහා රජයේ වියදම් අඩු වන ලෙස අය වැය සකස් කෙරෙනු ඇති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

සියලු විශ්වවිද්‍යාලයන්හි සිසුන් මාසයක පමණ කාලයක් ගම් මට්ටමින් යොදවා ලබා ගත් අදහස් අනුව මෙවර අය වැය යෝජනා සකස් කරනු ඇති බවද ඒ මහතා පවසයි.

විශේෂයෙන්ම දේශපාලන පක්ෂ මෙන්ම වෘත්තීය සමිති හා අනෙකුත් විශේෂිත පුද්ගල ජනතා අදහස්ද යෝජනා වශයෙන් ලැබුණු සියලු අදහස් සැලකිල්ලට ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

මෙවර අය වැය වරින් වර සිදු කරන සංශෝධනවලින් තොරව සකස් කිරීමට බලාපොරොත්තු වන බව කී ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකුම සමඟ සාකච්ඡා කර ඇති බවද කීය. ඒ අනුව මේ අය වැය සම්මුතිවාදි අය වැයක් බවද ඇමැතිවරයා පවසයි.

එළැඹෙන මුදල් වර්ෂය සඳහා රුපියල් කෝටි 181900ක් වියදම් කිරීම සඳහා රජය සැලසුම් කර ඇති අතර විසර්ජන පනත් කෙටුම් පත ඉදිරිපත් කළ පසුගිය 20වැනිදා වාර්තා වූයේ රජයේ වියදම් රුපියල් කෝටි 76000කින් අඩු කර ගන්නා බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles