‘අගමැතිට නඟන අවලාද අසාධාරණයි‘ – දයාසිරි ජයසේකර

0
322

ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ කිසිම කෝප් වාර්තාවක් සම්බන්ධයෙන් බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව සම්බන්ධව තරම් කඩිනමින් ක්‍රියා මාර්ග ගෙන නැතැයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඇතැමුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාට නඟන චෝදනා සාධාරණ නැතැයි කී දයාසිරි ජයසේකර මහතා දූෂිත නිලධාරීන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අගමැති  හෝ ආණ්ඩුවේ කිසිවෙක් කටයුතු නොකරන බව මෙම වාර්තාව කඩිනමින් නීතිපතිවරයා වෙත යැවීමට අගමැතිවරයා ගත් තීරණයෙන්ම පැහැදිලි වන බව ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බරපතල වංචා දූෂණ පිළිබඳ  නඩු විභාගයන් කඩිනමින් අවසන් කිරීමේ ක්‍රියාදාමයක් අවශ්‍ය බව ද ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here