Friday, November 15, 2024

කෝටි 84ක් ගෙවන්නැයි ඇවන්ගාඩ්ට එන්තරවාසියක්

ඇවන්ගාඩ් සමාගමෙන් රක්නාලංකා සමාගමට අය විය යුතු රුපියල් අසූහතර කෝටි තිස්ලක්ෂයක මුදල දින දහහතරක් ඇතුළත ගෙවන ලෙසට දන්වමින් ඇවන්ගාඩ් සමාගමට එන්තරවාසියක් යැවූ බව රක්නාලංකා සමාගමේ සභාපති වික්ටර් සමරවීර මහතා  පැවැසීය. රක්නාලංකා සමාගමේ නීතිඥවරුන් විසින් මේ එන්තරවාසිය යවා තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

මේ එන්තරවාසියට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඇවන්ගාඩ් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සමරවීර මහතා සඳහන් කළේය.

මේ සඳහා නීතිඥ සමාගමක් හඳුනාගැනීමේ ක්‍රියාවලියකට රක්නාලංකා සමාගම එලඹ සිටී.

මෙවන් පියවරක් ගැනීමට සිදු වී තිබෙන්නේ වසර 2015 ඔක්තෝබර් 25 වැනි දා රක්නාලංකා සහ ඇවන්ගාඩ් සභාපතිවරුන් අතර එකඟතාවකින් අත්සන් තැබූ ගිවිසුම සම්පූර්ණයෙන්ම කඩකරමින් රක්නාලංකා සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවීම ඇවන්ගාඩ් සමාගම පැහැර හැර තිබීම බවත් සමරවීර මහතා පැවැසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles