Monday, September 23, 2024

ඒ කාලේ පැමිණිලි කළා නම් ඇමැතිකමත් නෑ

කෝප් කමිටුවේ නිර්දේශ පිළිබඳව අද පැවැති අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කළ බවත්, එම නිර්දේශ නීතිපතිවරයාට සහ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවට යොමු කර පරීක්ෂණ පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ දී අවධානය යොමු කළ බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පයාගල රාජිත සේනාරත්න ක්‍රීඩාංගනයේ පැවැති උත්සවයක දී ය.

‘කෝප් කමිටුවේ සභාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක්. රාජපක්ෂ සමයේ කෝප් කමිටුවේ සභාපති වූයේ අමාත්‍යවරයෙක්. එයයි යහපාලන රජයේ වෙනස. කෝප් කමිටුවේ  නිර්දේශ පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකචිඡා කළා. එම නිර්දේශ කථානායක වරයා හරහා නීතිපතිවරයාට යොමු කිරීමටත්, රාජ්‍ය මුල්‍ය දෙපාර්තෙමින්තුව හරහා පරීක්ෂණ පැවැත්වීමටත් අවධානය යොමු කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එම පරික්ෂණ පිළිබදව කරුණු පැහැදිලි කළා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිධූරයට පත් කරන විට මම විරුද්ධ වුණා. ඔහු පිළිබදව විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ  කළා.  එවිට අග්‍රාමාත්‍යවරයා කියා සිටියා ප්‍රශ්නයක් ඇති වුවහොත් පසුව විසදාගමු කියලා. නමුත් මා ප්‍රකාශ කළ ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රශ්නයක් ඇති කර ලංකාවම ගඳ ගැස්සුවා. ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් අල්ලස් කොමිසටම මෙම ප්‍රශ්නය ඉදිරිපත් කර තිඛෙනවා. රාජපක්ෂ පාලන සමයේ දී ඔවුන්ට මෙවැනි ප්‍රශ්න අරගෙන අල්ලස් කොමිසමට යන්න බැරි වුණා. එදා ප්‍රශ්න අරගෙන ගියා නම් වාසුදේව මන්ත්‍රීවරයාට වෙන්නේ ඇමැතිකම නැතිවීම පමණයි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles