Saturday, September 21, 2024

වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා නොමිලේ

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පවත්වා ගෙන යන සියලුම පාඨමාලා ලබන ජනවාරී 1 වැනිදා සිට නොමිලේ ඉගැන්විමට තමා තීරනය කළ බව වෘත්තීය පුහුණු සහ නිපුනතා සංවර්ධන ඇමති මහින්ද සමරසිංහ මහතා අහංගමදි පැවසීය.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් රුපියල් මිලියන 162 ක මුදලක් වැය කොට අහංගම ඉදිකරන සංචාරක හෝටල් පුහුණු  පාසැලට මුල්ගල තැබීමේ උත්සව සභාව අමතා ඒ මහතා මේ බව කීය.
එහිදී තව දුරටත් කතා කළ මහින්ද සමරසිංහ මහතා මෙසේද කීය. ගාල්ලෙ පිහිටි එන් අයි බී එම් ආයතනයේ හෝටල් කේෂත්‍රයේ උපාධියක් පටන් ගන්න මම බලාපොරොත්තු වෙනවා. එන් වී කිව් 3 සහ එන් වී කිව් 4 පාඨමාලා හදාරා ඊට පසු එන් වි කිව් 5 සහ 6 පාඨමාලා හදාරා කෙලින්ම උපාධිය ගන්න මාර්ගය සිසුන්ට ලබා දෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය නයිටා ආයතනය සාගර විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ලෙන්ම ක්‍රියාත්මක කරන පාඨමාලා ජනවාරි 1 වැනි දින සිට නොමිලේ ලබා දෙනවා. මම රජයට අයවැය යෝජනාවක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත්කර තියනවා. අයවැයෙන් යෝජනා කළත් නැතත් ජනවාරීයේ සිට මෙම පාඨමාලා නොමිලේ ලබා දෙනවා.
අද සංචාරක කර්මාන්තයේ විශාල තරගකාරිත්වයක් පවතිනවා. ඒ නිසා සංචාරක කේෂත්‍රයට ගැලපෙන උසස් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ලංකාවට වරක් පැමිණි සංචාරකයින් නැවත නැවතත් අපේ රටට එන අන්දමට ආකර්ශනිය වැඩ පිළිවෙලක් සංචාරක කර්මාන්තය හරහා ක්‍රියාත්මක කරනවා. ඒ සදහා මෙවැනි පුහුණු පාසැල් ඉතා වැදගත් වෙනවා. හෝටල් කේෂත්‍රය ගැන කතා කරන විට ඉංග්‍රිසි බසත් ඉතා අවශ්‍යයි.
ඉංග්‍රිසි බසට අමතරව ප්‍රංශ ජර්මන් ආදි භාෂා දැනුමත් අවශ්‍යයි. ඒ හැකියාව ලබා දෙන වැඩ පිළිවෙලක් සමග ලබන වසරේ සිට මේ වෘත්තීය පුහුණුව ලබා දෙනවා.
චන්දිම වීරක්කොඩි ඇමතිතුමා ජී එල් පීරිස් ඇමතිතුමා ගැන සදහන් කළා. මමත් ඒ ගැන වචනයක් සදහන් කරන්න ඕන. මම දැක්ක පත්තරේ  එතුමා කියා තියනව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ආපසු පක්ෂයට එන්න පුලුවන් වුනා නම් එතුමාටත් ආපසු එන්න පුලුවන් කිය.ඇත්ත වශයෙන්ම එතුමා වැනි විද්වතෙකුගෙන් එවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගේ ප්‍රකාශයක් කරන කොට ඒ කතා කරන විෂය ගැන අධ්‍යයනයක් කරන්න ඕන. ඒසේ නොකර ආවාට ගියාට කතා කිරීමෙන් එතුමාට සමාජයේ තියන ගරුත්වය අඩු වෙනවා. ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන්න මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයෙන් ඉවත් වුනේ නැහැ. එතුමා නාම යෝජනා අත්සන් කළෙත් පක්ෂයේ මහා ලේකම්වරයා ලෙසයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනම පක්ෂයක් පිහිටවූයේ නැහැ. එතුමා ගිහින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තෙ නැහැ. එසේ නැත්නම් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ගත්තේ නැහැ. අපේ ව්‍යවස්ථාවේ පැහැදිලිව සදහන්කර තියනව වෙනත් පක්ෂයක් පිහිටුවන්න කටයුතු කළොත් නැත්නම් වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත්ත හැටියෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසිවන වෙනවා කියා.
ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා මෙසේ කීය. ජී එල් පීරිස් මහත්තයාත් දැන් පක්ෂයක් පිහිටුවා තියනවා. එතුමා අපි ගරු කරපු නීති විශාරදයෙක්. වෙනත් පක්ෂයක සාමාජිත්කවය අර ගෙන තියන නිසා එතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කරපු එක වැරදියි කියා එතුමා කියනව. මේ කතාව ඇසූ විට නිති විශාරදයෙක් කෙසේ වෙතත් මහදැන මුත්තා කියපු කතාවක් වගෙයි එතුමාගෙ කතාව. මහදැන මුත්තා සහ එතුමාගේ විවිධ ගෝලයො රට අස්ථාවර කරන්න විවිධ උත්සාහ ගන්නවා. නමුත් අපි රට ස්ථාවර කර ගෙන රටේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කර ගෙන යෑමට කටයුතු කරනවා යයි කීය.
එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව ප්‍රධාන සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධන සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි යන මහත්වරුද කතා කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles