Saturday, September 21, 2024

කටුනායක අධිවේගය, දකුණු අධිවේගය ආරම්භ කළේ අගමැතියි

හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් පසුගිය අවුරුදු දහය තුළ රුපියල් බිලියන 700 ක් වියදම් කර තිබෙන බවත්, 2020 දී අලූත් නාගරික රටාවක් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇතිකරන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (07දා) හෝමාගම පැවැති උත්සවයකදීය.

මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා බවත් එය අවසන් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බවත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එය කඩිනම් කළ බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

කටුනායක අධිවේගී මාර්ගය සැලසුම් කළේ 1968 දී බවත් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එය 2002 වසරේදී ආරම්භ කළ බවත් පැරණි ඉංජිනේරු සැලසුමට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේම දකුණු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 1991 දී  පටන් ගත්  බවත් 2003 දී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කළ බවත් එහි ඉදිකිරීම් මහින්ද රජපක්ෂ මහතාගේ කාලසීමාවේදී අවසන් වූ බවත් රණවක මහතා මෙහිදී පවසා සිටියේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles