ඒකාබද්ධ විපක්ෂයේ නව පක්ෂය එලි දැක්වීමත් සමග ෆේස්බුක් සමාජ ජාලය තුල මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පවත්වාගෙන යන A Brighter Future for Sri Lanka ඇතුලු ප්‍රධාන පේජයන් කිහිපයක් අක්‍රීය විය. මේ සම්බම්ධව අප සයිබර් මාධ්‍ය කණ්ඩායම සිදු කල සොයා බැලීමකදී ඉතා පුදුම සහගත කරුණු කිහිපයක් එලි කර ගැනීමට අපට හැකි විය. එම පේජයන් අක්‍රිය වීමට බලපෑ ප්‍රධාන කරුණ ලෙස ඉරාජ් වීරරත්න විසින්ම සිය ෆේස්බුක් පේජය තුල සටහන් කර තිබුනේ මෙසේය. “මගේ YouTube videos download කරලා ආයිත් Facebook වලට Upload කරොත් ස්වයංක්‍රීව ඉවත් වන අතර දඬුවමක් ලෙස ෆේස්බුක් පිටු අක්‍රීය වනු ඇත.Copyright Law එක යනු කාටත් පොදු දෙයක්.ඔබට කර හැක්කේ මගේ YouTube Link එක share කිරීමයි. ඊට පසු බැන්නත් හොද කිව්වත් කිසිම ප්‍රශ්නයක් නැත. උදාහරනයක් ලෙස මම ගොඩක් ඉස්සර නිර්මාණය කරපු “රන් රන් රන්” ගීතයේ Copyright එක තියෙන්නේ Maharaja M entertainment ආයතනයටයි.ඒ ගීතය මම නිර්මාණය කරත් මටවත් මගේ Facebook Page එකට Direct upload කරන්න බෑ. අපහසුතාවයට පත් වූ පිරිස් සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව.” කෙසේ නමුත් අප කල කණ්ඩායම කල ගවේශණයේදී පහත කරුණු අනාවරණය කර ගැනීමට අපට හැකිවිය. 1. මෙම වීඩියෝව ප්‍රචාරය කල පවතින ආණ්ඩුවට හිතවාදී අපේ රට වැනි පේජ් වලට කිසිදු ගැටළුවක් ඇති නොවී තිබුණත් මහින්ද රාජපක්ෂ හා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින A Brighter Future for Sri Lanka ඇතුලු පේජ් ගනනාවකට මසක කාලයක් සඳහා වාරණයක් පනවා ඇති බවයි. 2. තව දුරටත් අප කල සොයා බැලීමේදී අනාවරණය වූයේ පසුගිය ජනාධිපතිවරණයේදී සමාජ ජාල මෙහෙයුම වෙනුවෙන් යයි පවසා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රුපියල් මිලියන 18.2 ක මුදලක් ඉරාජ් විසින් ලබා ගෙන ඇති බවයි. කෙසේ වෙතත් එම මුදලට සරිලන කිසිදු ප්‍රචාරණයක් සමාජ ජාල හරහා සිදුකිරීමට ඔහු අසමත්වූ බව එකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයින් කිහිප දෙනෙක් අප වෙත පැවසීය. 3. ජනවාරි 8 සිදුවූ පෙරලියත් සමග මහින්ද පාර්ශවය වෙනුවෙන් සමාජ ජාල තුල ක්‍රියාත්මක වන ස්වේච්ඡා කණ්ඩායම් ගනනාවක් බිහිවූ අතර ඊට සමගාමීව A Brighter Future for Sri Lanka වැනි සමාජ ජාල පිටුද ආණ්ඩු විරෝධය ඉස්මතු කරමින් ඉතා සක්‍රීයව ක්‍රියාත්මක විය. ඒ නිසාම 2015 අගෝස්තු පැවති මහ මැතිවරණයේ සමාජ ජාල මෙහෙයුම් වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කිසිදු මුදලක් වැයවී නැත. 4. මෙවන් පසුබිමක් තුල ආණ්ඩු විරෝධී කණ්ඩායම් වලට එකතුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස නව පෙරමුණක් බිහිවූ අතර ආණ්ඩු විරෝධී ෆේස්බුක් කණ්ඩායම් මෙන්ම දේශපාලකයන්ද ඒ වටා ගොනු වෙමින් පවති. එමෙන්ම නුදුරු දිනකදී ඔවුන්ගේ නිල සමාජ ජාල මෙහෙයුම්, නිල වෙබ් අඩවි අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කොට ඇත. ඉරාජ්ගේ ටිකිරි මොලය ක්‍රියාත්මක වන්නේ මෙවන් පසුබිමකදීය.. ඉරාජ්ගේ සමීපතමයෙක් ගෙන් අප වෙත ලැබුණු තොරතුරු මෙසේය.. නව පක්ෂයේ සමාජ ජාල මෙහෙයුම සියතට ගැනීම මගින් ජනපතිවරණයේදී මෙන් විශාල මුදලක් ගරා ගත හැකිවේ යැයි ඉරාජ් සිතයි. එය ඔහුගේ කණ්ඩායමටද දැනුම් දෙයි. නමුත් එයට ප්‍රධාන බාධකය වන්නේ ස්වේච්චාවෙන් සමාජ ජාල තුල සිය කාර්යය ඉටු කරන කණ්ඩායම්ය. මහින්දවාදී කිසිදු කණ්ඩායමක් සක්‍රීය නොවූ පසුගිය ජනාධිපතිවරණයේදීද සමාජ ජාල හරහා දැනෙන යමක් කිරීමට නොහැකිවූ ඉරාජ්ට අතිශය සක්‍රීය මහින්ද පාර්ශවයේ ස්වේච්ඡා කණ්ඩායම් සිටියදී තමා ඉර අසල සිටින කණාමැදිරියෙකු වනු ඇති බවට සාධාරණ බියක් ඇතිවේ. එසේනම් කල යුතු කුමක් දැයි ඉරාජ් වීරරත්නගේ කපටි මොලයට වැටහෙන්නේ නිතැතිනි.. ඒ අනුව පලමු පියවර ලෙස ඔහු ආණ්ඩු විරෝධී ප්‍රධාන පේජයන් කිහිපයක් අක්‍රිය කරනු ලබයි. ඒ සඳහා ඔහු එක්සත් ජනපදයේ සිටින ඔහුගේ කණ්ඩායමක සහය ලබා ගනී. ඊට සමගාමීව තමන්ගේ නිශ්පාදනවලට ප්‍රචාරය ලබා දෙමින් සිටි ඔහුගේ පේජය හරහා ව්‍යාජ ආණ්ඩු විරෝධයක් ඉස්මතු කරයි. මේ සියල්ල සිදු කරන්නේ නව පක්ෂයේ යම් වැඩ කොටසක් ඔහු අතට ගෙන ගානක් කඩා ගැනීමේ ඒකායන බලාපොරොත්තුවෙනි. ඉන්පසුව ඔහු කරන්නෙ ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රචාරණ සමාගමක් හරහා ලක්ෂ 230 ක, එනම් මිලියන 23 ක ඇස්තමේන්තුවක් නව පක්ෂය වෙනුවෙන් ක්‍රියා කරන ප්‍රධාන පුද්ගලයෙකුට යොමු කිරීමයි. මෙම සක්කිලි ක්‍රියාවලිය වෙනුවෙන් ඉරාජ් වීරරත්න ආණ්ඩු විරෝධී සමාජ ජාල ගණනාවකට ප්‍රහාර එල්ල කර ඇත. කෙසේ වෙතත් අප වෙත වාර්තා වන්නේ අදාල ඇස්තමේන්තුව ප්‍රතික්ෂේප වී ඇති බවත් ස්වේච්ඡා සමාජ ජාල කණ්ඩායම් ඉරාජ්ට එරෙහිව දැඩි මතයක සිටින බවත්ය. අප වෙත අදහස් දැක්වූ අක්රියවූ ප්‍රධාන පේජයක ඇඩ්මින්වරයෙකු පැවසුවේ මුදලට අම්ම අප්ප උනත් විකුණන ඉරාජ් වීරරත්න වැනි සක්කිලියන් යලිත් ලංකරගෙන වල පල්ලට යාමට කිසිවෙකු හෝ සැරසේ නම් කොන්දේසි විරහිතම තම පේජයන් වසා දමා නිහඬ වන බවයි. මේ සම්බන්ධව අප සතු තවත් විස්තර ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. එනම්, 1. ඉරාජ්ගේ ඇමරිකානු රිපෝට් කණ්ඩායම් 2. සමන්ත බද්‍ර හරහා බුදු දහම වැනසීමට ගත් කොන්ත්‍රාත්තුව. 3. ෆෙස්බුක් මුදල් හුවමාරු ක්‍රමය හා සෙලාන් බැංකුවේ සභාපතිවරයා සමග ඉරජ්ගේ රහස් ගනුදෙනු