විමල්, හිටපු පොලිස්පති හෙට ජනපති කොමිසමට

0
475

හිටපු ඇමතිවරයකු වන විමල් වීරවංශ හිටපු පොලිස්පතිවරයකු වනමහින්ද බාලසූරිය මහත්වරු ඇතුළු දහහත් දෙනෙකුට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (11) පෙනී සිටින ලෙසට නොතිසි නිකුත් කර තිබේ.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවී තිබෙන වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අවභාවිතය ඇතුළුව ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් පිරිසකට ප්‍රභූ ආරක්ෂාව සැපයීම ඇතුළු කාරණා පිළිබඳව සිදුකර තිබෙන විමර්ශනයේ වැඩිදුර පරීක්ෂණය කොමිසම හමුවේ හෙට සිදුවෙයි. එම නිසා නොතිසිලත් පාර්ශ්වයන්ට ඒ සඳහා සහභාගී වන ලෙසට දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here