“නිල මෙහෙවර” අරන් වජිර හබරාදුවට

0
484
126 ජනපති ජනතා සේවයේ ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වෙන ප්‍රදේශීය ජනතා සේවාවන් තුනක් මේ මස 12, 13 සහ 14 වන දින ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රදේශයේ අනෙකුත් මැතිඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන
මෙම වැඩ සටහන  මේ මස 12 වන සෙනසුරාදා දින පෙ.ව.8.00 ට හබරාදූව ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය කටුකුරුන්ද ධාර්මික විද්‍යාලයේදී පැවැත්වෙන අතර ඉමදූව  ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය මේ මස 13 වන ඉරිදා දින පෙ.ව.8.00 ට  බටේමුල්ල ජාතික පාසල පැවැත්වේ. මේ මස 14 වන සඳුදා දින පෙ.ව.8.00 ට  යක්කලමුල්ල ප්‍රදේශීය මහ ලේකම් කොට්ඨාස ජනතා සේවය යක්කලමුල්ල පොල්පාගොඩ ධර්මපාල මහා විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු කර ඇත.
මෙහිදී ජනතාවගෙන් කිසිඳු මුදලක් අයකිරීමෙන් තොරව නොමිලේ උප්පැන්න, විවාහ, මරණ සහතිකය සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ  පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්,සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබා දෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම, දිස්ත්‍රික්කය පුරා සියලුම ආගමික සිද්ධස්ථාන ශක්තිමත් කිරීම සඳහා වූ ස්ථාවර මුදල් තැන්පතු ක්‍රමයක් ඇති කිරීම, නොමිලේ ලබාදෙන රූපලාවන්‍ය පාඨමාලා පුහුණුව, දිස්ත්‍රික්කය පුරා සංවර්ධනය විය යුතු සියලු පාසල් තුළ දැවැන්ත සංවර්ධනයක් ඇති කිරීම,ප්‍රදේශයේ නොවිසඳී ඇති සියලු ප්‍රශ්න ජනතාව වෙතින් ලබා ගනිමින් විසඳුම් ක්‍රියාත්මක කිරීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් මෙහීදී ක්‍රියාත්මක වේ.
මෙහි සමාප්ති උත්සවය 2017 ජනවාරි මස 14 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ගාල්ල, ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here