පැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්නට බැරි බවත් විදේශ ආයෝජකයින්ගේ ආකර්ශනය දිනා ගැනීමට නවෝත්පාදන සහ නව තාක්ෂණ ක‍්‍රමෝපායන් භාවිතා කළ බවත් ඇමති චම්පික රණවක පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්මට අනුව හෝමාගම ඉදිවන තාක්‍ෂණික නගරයේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් කිරීම අද (11) දින බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරෙහි 11 වන මහලෙහි පිහිටි ශ‍්‍රවණාගාරයේදී සිදු කෙරිණි. එම අවබෝධතා ගිවිසුමට, මහානගර සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන්, අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතාද හා ශී‍්‍ර ලංකා ටෙලිකොම් සමාගම වෙනුවෙන් සභාපති පී. ජී. කුමාරසිංහ සිරිසේන මහතාද අත්සන් තැබුහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘මේ මහා නගර ව්‍යාපෘතියේ තවත් වැදගත් පියවරක් හැටියට අපේ තාක්ෂණ නගරයේ යටිතල පහසුකමක් වන ඩිජිටල් යටිතල පහසුකම නැංවීම අපේ ආණ්ඩුවේ ආයතනයක් වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමග සිදුකරන්න අද අපි ගිවිසුම් ගත වෙනවා. මෙතැන් සිට ඒක අපිට විවෘතයි එම නගරයේ කටයුතු කරන ඕනෑම කෙනෙකුට, වෙනත් සේවාදායකයෙකුගේ ඒ යටිතල පහසුකම මත පදනම් වෙලා තම සේවාවන් ලබාගැනීමට හැකිවෙනවා. අපි කවුරුත් දන්නවා අපේ රටේ නිතරම කතාවෙන දෙයක් විදේශ ආයෝජන. විදේශ ආයෝජන අවශ්‍යයි රැකියා සුලභ කරන්න, විදේශ ආයෝජන අවශ්‍යයි රටේ රුපියල ස්ථාවර කරන්න විදේශ ආයෝජන අවශ්‍යයි. රටේ තාක්ෂණය ඉදිරියට ගෙනයන්න ආදී වශයෙන් අපි විවිධ අවස්ථාවල කාලයක් තිස්සේ මේ විදේශ ආයෝජන ගැන කතා කරනවා.
ඇයි අපේ රටට විදේශ ආයෝජන එන්නෙ නැත්තේ. මේ වසරේ අපට විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන්නේ ඩොලර් මිලියන 700 ක් පමණයි. නමුත් මියන්මාරයට ඩොලර් මිලයන 8900 ක් මේ වසරේ පළවෙනි මාස 9 ඇතුලේ ගිහින් තියෙනවා. මියන්මාරය වැනි රටකට එවැනි කි‍්‍රයාවලියක් සිදුවෙලා තියෙන්නේ හා අපට මෙවැනි තත්වයක් ඇතිවෙලා තියෙන්නේ අපේ මොනවා හරි අඩුපාඩුවකින්. අපට කිසියම් ගැටළුවක් තියෙනවාද? කියන ප‍්‍රශ්නය අපි බලන්න ඕනේ. හුගක් දෙනෙක් කියන දෙයක් තමයි අපේ නීති ඒ වගේම අපේ අවසර ලබාගැනීමේ කි‍්‍රයාවලිය ආදී ඉතාම දුෂ්කර කි‍්‍රයාවලයක් කියලා. ඉඩම් ලබාගැනීම, පරිසර බලපත‍්‍ර ලබාගැනීම සහ අනෙකුත් කටයුතු ආයෝජකයින්ට ඉතාම දුෂ්කරයිලූ. ඒ අතරට යම් යම් අයට යම් යම් ආකාරයේ ව්‍යාපෘතින් සඳහා කොමිෂන් ආදිය ලබා දෙන්න වීම නිසා මේ අපේ රටට ආයෝජකයෝ එපාවෙලා කියලා අදහසක් පළකරලා තියෙනවා. කාලයකට ඉස්සෙල්ලා කිව්වා යුද්ධය නිසා අපට ආයෝජකයො එන්නේ නැහැ කියලා. මෙහි පදනම තමයි දැන් තවදුරටත් මේ ශ‍්‍රී ලංකාව ලාභ ශ‍්‍රමය, ලාභ බලශක්තිය, ලාභ අමුද්‍රව්‍ය,ලාභ පරිසර නීති මත ශ‍්‍රී ලංකාවට ආයෝජකයන් ඇද ගැනීම කළ නොහැකියි. මේක පසුගිය රජයන් ගණනාවක්ම උත්සාහ කරලා අසාර්ථක වෙච්ච ක‍්‍රියාදාමයක්. එයට හේතුව අපේ අධික ශ‍්‍රම මිල ගණන්. අපේ අධික බලශක්ති මිල ගණන්. අපේ පරිසර නීති වැඩියි. ඒ වගේම අපේ ඒ ආකාරයේ කර්මාන්තවලට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි.
එනිසා ඒ පැරණි ක‍්‍රමයට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න බැහැ. පෙරළා අපේ 77 ඉඳන් ආරම්භ කරපු වෙළඳ කලාප හරහා අපිට ඇගලූම් ක්‍ෂෙත‍්‍රයේ හැරෙන්න, අනෙක් කිසි ක්‍ෂෙත‍්‍රයක අපට බැරි උනා නිසිආකාරයෙන් තාක්ෂණය අවශෝෂනය කරගෙන අපේම වූ නිර්මාණ ප‍්‍රමාණයක් එළියට දාන්න. විදේශ ප‍්‍රාග්ධනය, විදේශ තාක්ෂණය මත පදනම්වෙලා දේශීය ප‍්‍රාග්ධනය, තාක්ෂණය කියන තැනට යන්න අපට බැරි උනා. ඒ පැත්තෙන් ගත්තම වෙනත් විදේශ රටවල් විශේෂයෙන්ම චීනය, මැලේසියාව, තායිලන්තය විශාල ඉදිරි පිම්මක් සැලසුම් කරලා තියෙනවා. අද ලෝකයේ සීග‍්‍රයෙන්ම ඉදිරියට යන වියට්නාමය මහා ඉදිරි පිම්මක් සලකුණු කරල තියෙනවා. වියට්නාමය ගැන අපි බැලූවහම අද ශ‍්‍රී ලංකාවේ අපනයන ප‍්‍රමාණය සමාන අපනයන ප‍්‍රමාණයක් තිබිච්ච රටක් මීට දශක දෙකකට කලින්. අද ශ‍්‍රී ලංකාවේ අපනයන ගූණය වගේ පහළොස් ගුණයක් විශාල අපනයක් කරන රටක්. විශාල ඉතිරි කිරීමක් කරලා තියෙනවා. අපේ ව්‍යූහාත්මක වෙනස්කම් වගේම අපි දැන් න්‍යායාත්මක වෙනසක් කරගත යුතුයි. ඒ න්‍යායාත්මක වෙනස තමයි ලාභ ශ‍්‍රමය, ලාභ බලශක්තිය, ලාභ පරිසරය මත ආයෝජකයින් කැඳවා ගන්න බැහැ නවෝත්පාදනය තමයි එකම මග ශ‍්‍රී ලංකාවට දැන් අලූත් ආර්ථික වර්ධන වේගයක් ගේන්න. ඒ සඳහා තමයි අපි ඇති කළේ අධිවේගී මාර්ග ඊට සමාන්තරව කහතුඩුවේ සිට කඩුවෙල දක්වා ප‍්‍රදේශය මහා ආයෝජන නගරයක්, නවෝත්පාදන නගරයක් හැටියට විවිධ තාක්ෂණයන් ඉදිරියට ගන්න.
ඒ වගේම අපි ඉතාම සතුටින් කියන්න ඕනේ විශේෂයෙන්ම තේ, පොල්, රබර්, ඊ ළගට ඇගලූම් ආර්ථිකයේ තිබිච්ච රට කිසියම් දුරටක දැනුම පදනම් කර ගත් සේවා විකුණන ආර්ථිකයක් බවට පරිවර්තනය වී තිබෙන බව. දැන් ආසන්නයේ ඩොලර් මිලියන 700 ක පමණ අපනයනයක් අපට ඒ ක්‍ෂෙත‍්‍රයේ ඇතිවෙලා තියෙනවා. ඒක ඩොලර් බිලියන 5 ක් පමණ දක්වා වර්ධනය කර ගැනීමේ විභවයක් අපට තියෙනවා. ඒකට මේ නගරය අනාගතයේ විශාල වශයෙන් උපස්ථායි වෙනවා. ඒ සඳහා අපේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වැනි රාජ්‍ය ආයතනයි පුද්ගලික අංශයය දෙකම එකතුවෙලා කරපු සාර්ථක ව්‍යාපාරයක දායකත්වය ලබාගැනීම අපි දකිනවා විශාල ශක්තියක් හැටියට. හුගාක් දෙනෙක් බයයි මේ රාජ්‍ය ආයතන එක්ක එකතු වෙන්න. රාජ්‍ය ආයතන ආකාර්යක්‍ෂමයි. රාජ්‍ය ආයතන නවීකරණය වෙන්නේ නැහැ. රාජ්‍ය ආයතන යල් පැන ගිහිල්ලා කියලා. ටෙලිකොම් ආයතනයත් පුද්ගලීකරණය කරනවා කියන අවස්ථාවේදී විශාල විරෝධතා පැන නැග්ගා. නමුත් ටෙලිකොම් ආයතනය පෙන්නලා දීලා තියෙනවා රජයයි පුද්ගලික අංශයයි එකතුවෙලා නවීකරණය වෙන්නත් පුළුවන්. ලාභ උපයන්නත් පුළුවන්. කාර්යක්‍ෂම වෙන්නත් පුළුවන් කියන එක ඉතාම හොඳින් පෙන්නල දීපු ආයතනය ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය. ඉතින් ඒ ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් එක්ක අපට ඒ ගමන යන්න පුළුවන් වීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ සඳහා අපට සහය දීපු අපේ ගරු අමාත්‍යතුමා, ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු නිලධාරී මණ්ඩලයට අපේ ස්තූතිය පිරිනමන අතර, මේ තබන ලද පියවර අනාගතයේ ශ‍්‍රී ලංකාව සුහුරු රටක් බවට පරිවර්ථනය කිරීමේ ගමනේ තවත් වැදගත් පියවරක් වනු ඇතැයි විශ්වාස කරනවා. ඒ සඳහා අපි සියළු දෙනාටම ඉදිරිය බලාගමන් කිරීමට මෙය ශක්තියක් වෙයි. මේ මගින් විදේශීය වශයෙන් ඉතා බලවත් තාක්ෂණික සමාගම් ගණනාවකට ශ‍්‍රී ලංකාවේ මේ මහානගරය අනාගතයේ විවෘත කරන බව ප‍්‍රකාශ කරනවා.’
මෙම අවස්ථාවට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශික් මාරසිංහ යන මහත්වරුන් ඇතුළු ද සහභාගී වූහ.