මල් පොහොට්ටුව කවදාවත් පිපෙන්නේ නැතිලු

0
389

මහාචාර්ය ඡී එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදා නොපිපෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

““මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂය පිළිබද හොඳට සිතා බලා නොපිපෙන මල් පොහොට්ටුවක් ලාංඡනය විදිහට එම පක්ෂයට ලබාදී තිබෙනවා. ඉදිරියේ දී දුෂිතයින් සිරගෙට යනවිට මල් පොහොට්ටු කමීස සාක්කුවේ දාගන්න සිදුවෙනවා. එම නිසා තරුණ දේශපාලනඥයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට සෑදීමේ වැඩපිළිවෙලට යහපාලන රජය සමඟ ඒකාබද්ධ වන ලෙසයි.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බේරුවල අල් අම්බ‍්‍රා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here