රංගිරි දඹුලු පාර්ශ්වයේ අනුනාහිමියෝ අපවත් වෙති

0
486

අපවත්වී වදාළ සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක කලුන්දාවේ ශ්‍රී ධම්මානන්ද නා හිමියන්ගේ ශ්‍රී දේහය අද කන්ඩලම කුබුක්කදන්වල ශ්‍රී ගුණානන්දාරාමයේ සිට රංගිරි දඹුල්ල රාජමාහා විහාරස්ත රන්ගිරිපාය රජමහා විහාරය වෙත වැඩමවන ලදී .

අනුනායක හිමියෝ ඊ‍යේ පස්වරුවේ දඹුල්ල රෝහලේදී අපවත්වුහ.

උන් වහන්සේ සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ අනුනායක  ධුරයට අමතරව රන්ගිරිපාය රජමහා විහාරය, කන්ඩලම 29 විහාරය හා කුබුක්කදන්වල ගුණානන්දරාමයේද විහාරාධිපති වුහ.

අපවත්වන විට උන් වහන්සේ 80 වන වියෙහි පසුවූහ.

උන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අදාහන පුජෝත්සවය හෙට රන්ගිරි දඹුලු රජමහා විහාර ආදාහනා මලුවේදී සිදුකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here