වැසියන් 40ක් මරා විදුලි කණුවල එල්ලති

0
343

ඉරාකයේ මොසුල් නගරයේදී IS සටන්කාමීන් සිවිල් වැසියන් 40 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කළේ, සිය සංවිධානයට ද්‍රෝහී වූ බව කියමින් IS සටන්කාමීන් මෙම ඝාතන සිදු කර ඇති බව ය.

එලෙස ඝාතනය කළ පුද්ගලයින්ගේ මළ සිරුරු මොසුල් නගරය අවට ප්‍රදේශවල විදුලි කණුවල එල්ලා ඇතැයි, ද විදෙස් වාර්තා අනාවරණය කළේ ය.

මේ අතර IS සටන්කාමීන් මොසුල් වැසියන්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර තිබේ.

සටන්කාමීන් සැක පළ කරන්නේ, ජංගම දුරකතන මගින් සිවිල් වැසියන් ඉරක හමුදාවට ඔත්තු සපයන බව ය.

එලෙස ජංගම දුරකතනයක් භාවිත කළ තරුණයෙකු ද පසුගිය දා මොසුල් නුවර ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කෙරිණ.

කෙසේ වෙතත් ඉරාකයේ මොසුල් නගරය යළි අත්පත් කර ගැනීම සඳහා රජයේ හමුදා මේ වනවිට දැඩි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here