ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දුන් පරිදි ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව විශයභාර අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී අද (15දා) අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ජලගාස්තු 30%කින් දෙසැම්බර් මස පළමුවැනිදා වැඩිවීමක් සිදුනොවනු ඇති බවයි. එසේම ජල ගාස්තු පිළිබඳව සොයාබැලීමට ජනපති නියමයෙන් කමිටුවක් පත්කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.