ජනවාරි 8 රාජ්‍ය බලය තියාගෙන ගෙදර ගිය අය – පොහොට්ටු පක්ෂයකින් දිනන හැටි බලන්න පුළුවන්

0
357

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් පක්ෂ පිහිටවුවත් කිසිවෙකුටත් අතුරු මැතිවරණයකටත් දිනාගැනීමට නොහැකිවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සඳහන් කරයි.

පොහොට්ටු පක්ෂයට සිදුවන්නෙත් එම තත්ත්වයට මුහුණ දීමට බවත් මහින්ද රාජපක්ෂ මහතාට දිනන්නට පුළුවන්වී නම් ඔහු පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ජයග්‍රහණය කරන බව එම පෙරමුණෙ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

සියලුම බලය තිබියදීත් මහින්ද රාජපක්ෂ මහතාට දිනා ගැනීමට නොහැකිවූ බවත්, මැතිවරණ පොහොට්ටු පක්ෂයකින් දිනය හැකිදැයි සිතා බැලිය යුතු බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී  බණ්ඩාර මහතා පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here