පා.ම .කාවින්ද ජයවර්දන පැය දෙකක් එලියේ තැබූ- ඉඩම් කොමසාරිස් ජනරාල් ගෙදර

0
973

ඉඩම් කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කැර තිබේ. කොමසාරිස්වරයාගේ සිය රාජකාරිය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වී ඇති නිසා මෙම තනතුරින් ඉවත් කිරීමට හේතු වී තිබේ. සිය රාජකාරියේදී සිදු කරන ලද බරපතළ දූෂණ වංචා කිහිපයක් සම්බන්ධව එල්ල වී ඇති චෝදනා සහ විවිධ රාජකාරී කටයුතු සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන මහජනතාවට  සහ මහජන නියෝජිතයන් නොසලකා හරිමින් කටයුතු කිරීම සම්බන්ධව පැමිණිලි ලැබී තිබේ.

මෙයට අමතරව අගමැති කාර්යාලයටත් පැමිණිලි ලැබී තිබෙන බවද වාර්තා වෙයි.

මෙම පැමිණිලි සැළකිල්ලට ගනිමින් ඉඩම් කොමසාරිස්වරයා එම තනතුරින් ඉවත් කිරීමටත් ඔහුට එරෙහිව ඇති චෝදනා පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමටත් ඉඩම් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.

පරීක්ෂණ සිදු කරන ලෙස අගමැති කාර්යාලය ඉඩම් ඇමැති ජෝන් අමරතුංග මහතාට හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

මේ අතර මෙම කොමසාරිස්වරයා ආණ්ඩුවේ ඉලක්කගත වැඩසටහන් කිහිපයක් කඩාකප්පල්කැර ඇති බවද වාර්තා‍ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here