Saturday, November 16, 2024

තෙරිපැහැ මහනාහිමි ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව ඇතිව

උඩරට අමරපුර නිකායේ මහානායක තලවතුගොඩ සුධර්මාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය ශිරෝමනි පරියත්තිධර මහෝපාද්‍ය අතිගරු තෙරිපැහැ සෝමානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ අපවත් වූහ.

උන්වහන්සේගේ දේහය තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කැර තිබේ. ආදාහන කටයුතු මෙම 21 වැනිදා සවස රාජ්‍ය ගෞරව සහිතව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිත බව සුධර්මාරාම විහාරාධිකාරී කිවුලේගෙදර නාරද ස්වාමීන් වහන්සේ දිනමිණට පැවසූහ.

සිංහල සාහිත්‍යයේ උන්නතිය සඳහා මාහැඟි මෙහෙවරක් ඉටු කැර තිබෙන  තෙරිපැහැ සෝමානන්ද මහානාහිමියෝ ගත් කතුවරයෙක් වශයෙන් ග්‍රන්ථ විස්සක් රචනා කැර තිබේ. සිංහල මාලකවි සංග්‍රහය, අභිනව ශාසන වංශය, පාඨශාලිය සද්ධර්ම කෝෂය, බුද්ධ ධර්ම සංග්‍රහය, විදුරපොළ පියතිස්ස මාහිමි චරිතාපදානය ඇතුළු ග්‍රන්ථ රැසක් ඊට අයත්ය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ තරංග සඟරාව, සංස්කෘතික අමාත්‍යාංශයේ කලා සඟරාව, ප්‍රාචීන භාෂෝපාකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහයේ සංස්කරණ කටයුතු අපවත් වී වදාළ මාහිමිපාණන් සිදු කැර තිබේ. උන්වහන්සේ රචිත ශාස්ත්‍රීය ලිපි දහසකට අධික සංඛ්‍යාවක් පුවත්පත් සහ සඟරාවල පළ වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles