Wednesday, September 25, 2024

යහපාලන ආණ්ඩුවේ සාර්ථකත්වය දැක ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් මෙරට ආයෝජනයට

වත්මන් යහපාලන ආණ්ඩුව ගෙනයන ආර්ථික වැඩපිළිවෙළේ සාර්ථකත්වය දැක පිළිබඳ සතුට පළ කරමින් ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් සමූහය ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථානයක් ආරම්භ කිළ බවත් එහි සේවය කරන්නන්ට ශ්‍රී ලංකාවේ ඇගමැතිවරයාට වඩා වැඩි වැටුපක් ලබාගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් සමූහය ට්‍රාන්ස් එක්සෙප්ට් සිටි, මරදාන, කොළඹ 10 ලිපිනයේ ස්ථාපිත කර ඇති අතර, එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කිරීමෙන් පසු මේ බව සඳහන් කළේය.

මෙහි පළමු අදියර යටතේ රැකියා හාරසියයක් ලැබී ඇති අතර දෙවන අදියර යටතේ තවත් රැකියා අවස්ථා හයසියයක් බිහිකිරීමට නියමිත බවද වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

තොරතුරු තාක්ෂණ, මාධ්‍යවේදී රැකියා, නවීණ තාක්ෂණික රැකියා වැනි දේ බිහිවෙමින් පවතින බවත් අලුත් පරම්පාරාව අපේක්ෂා කරන සෑම ක්ෂේත්‍රයක් ම බිහිවෙමින් පවතින බවත් අගමැතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා

ලංඩන් ස්ටොක් සමාගම ලංකාවට පැමිණියේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය දැකලායි. ආයෝජකයන් දැන් අපේ රටට එමින් තිබෙනවා. ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් සමූහය ලන්ඩනයේ හා ඉතාලියේ ස්ථාපිත කර තිබෙනවා. එයින් තවත් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට අද කටයුතු කළා. දැන් ඊට අදාළව තාක්ෂණික පුහුළුණුව ලබාදිය යුතුයි. අපි ගෙනයන වැඩපිළිවෙළ විශ්වාස නිසා තමයි මේ සමාගම අද ලංකාවට පැමිණ තිබෙන්නේ. ඒ නිසාම අපි හම්බන්තොට, මොනරාගල, මාතර සිටින අයටත් මෙවැනි රැකියා අවස්ථා ලබාදීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදිය යුතුයි. ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය ගමින් ගමට ගෙන යාමට අපි හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාට භාර දී තිබෙනවා. ඒ අනුව ගමේ සිටින තරුණ තරුණියන්ට මේ ආයතනයේ රැකියා අවස්ථා විවර වෙනවා. අපේ බලාපොරොත්තුව ඔබට හොඳ ආනගතක් සකස් කරන්න මිසක් අපට අනාගතයක් ලබා ගැනීම නොවෙයි. මෙතන තිබෙන රැකියා අවස්ථාවලින් ලංකාවේ අගමැතිවරයාට වඩා වැඩි වැටුපක් ලැබෙන බව මම කියන්න කැමැතියි. තරුණ තරුණියන්ගේ අවශ්‍යතාවන් වන නිවසක් සෑදීම, වාහන ගැනීම වැනි අරමුණු කඩිනමින් සාත්සාත් කර ගන්න පුළුවන්. මෙය ඔබේ අනාගතයයි.

ජාතික ආණ්ඩුවක් ඇති කර තිබෙන්නේ ඔබට අනාගතයක් ලබාදීමටයි. ඊළඟ මැතිවරණය වෙන් වෙන්ව තරග කළ හැකියි. නමුත් මේ ආණ්ඩුවේ සියලු ප්‍රයෝජන ඔබ ලබාගත යුතුයි. අපිට උවමනා වී තිබෙන්නේ ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි. ඒ වැඩ කටයුත්ත සිදු කරමින් තිබෙනවා. එය මේ වනවිටත් සිදු කරමින් තිබෙනවා. අපි අඬබෙර ගහන්නේ නැහැ. ආරම්භ කළ පසු ප්‍රකාශ කරනවා විතරයි. ජනවාරි මාසයේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ආරම්භ කරනවා. හම්බන්තොට වරාය ආශ්‍රිත කර්මාන්ත ජනපද ආම්භ කරනවා. දකුණ, මොනරාගල, මාතර වැනි ප්‍රෙද්ශ මෙයින් දියුණු වෙනවා. මෙගා පොලිස් හරහා කොළඹ මහ නගරයක් කර ලබන වසරේ දී ත්‍රිකුණාමල වරය දියුණු කර සිංගප්පුරුව හා ඉන්දියාව වැනි රටවල සිදුකරන වැඩකටයුතු භාරගන්න සූදානම්. එතැනින් විතරයි ආර්ථික සංවර්ධනක් ඇති වෙන්නේ. ආර්ථික වර්ධනයක් නැති නම් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඔබ ඉතා වාසිදායක කණ්ඩායමක්. මෙය දැක්ක විට ලංකාවේ සිටින බොහෝ දෙනා මෙයට බැදෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපාරටයත් සියලු දෙනාටත් සුබ ප්‍රාර්ථනා කරනවා.

මුදල් ඇමැති රවී කරුණානායක, මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුළු ලන්ඩන් ස්ටොක් එක්චේන්ජ් සමූහයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles