Wednesday, January 15, 2025

ජනපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක්?

ඉට්කා ඇතුළු වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේ අරමුෙණන් ජනාධිපති බලතල ඉක්මවා යන ඇමති තනතුරක් ඇති කිරීමට හා නිලධාරීවරයෙකු පත් කිරීම සඳහා විශේෂ පනතක් ගැසට් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත්, පත් කිරීමට නියමිත ඇමතිවරයාට හා නිලධාරියාට අතිවිශේෂ බලතල ලබාදීමට නියමිත බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය.

ඊයේ (05දා) පැවැති මාධය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති බලතල ඉක්මවා යන ආකාරයට මෙම පත්කිරීම් සිදුකරන නිසා ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි.

මීට අමතරව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටද ඉල්ලීමක් කළ බවත් ඔහු පවසා සිටියේය.

පිහිටුවීමට නියමිත නව අමාත්‍යාංශයට කැබිනට් මණ්ඩලයේ සාමූහික බලතල සියල්ල, රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සතු බලතල සහ BOI වැනි ආයතනවල බලතලද මෙම ගැසට් නිවේදනයෙන් ලබාදීම සඳහා සැලසුම් කර ඇතැයිද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේය

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles