Tuesday, September 24, 2024

ජනතාවාදී අයවැයක් බව තුනෙන් දෙකක සහතිකයක් – මුදල් ඇමති

අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ජයග්‍රහණයක් ලැබීම, රට ඉදිරියට ගෙන යන ජනතාවාදී අයවැයක්, රටට ඉදිරිපත් කළ බවට ශක්තිමත් සහතිකයක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ,පාර්ලිමේන්තුවේ අයවැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව, මුදල් අමාත්‍යවරයා පිළිගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස ඉදිරිපිටට රැස් වූ පක්ෂ ආධාරකරුවන් අමතමිනි.

2017 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දා සිට මේ දක්වා සහය ලබා දුන් අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍ය මණ්ඩලය, මන්ත්‍රීවරුන් සේම පොදු ජනතාවට ප්‍රණාමය පළ කර සිටි රවී කරුණානායක මහතා, අලුත් දැක්මක් සහිත අලුත් රටක් ගොඩනැගීමට පක්ෂ පාට භේදයෙන් තොරව එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

අයවැය මගින් රටට හඳුන්වා දුන් ඉදිරි ආර්ථික හා සමාජීය දැක්මට විරුද්ධව පටු දේශපාලන කණ්ඩායම් විවිධ බාධා සිදු කළත් ඒ සියලු අභියෝග පරාජය කරමින් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ දී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය යහපාලන රජයේ ශක්තිමත්භාවය යළිත් වරක් තහවුරු වීමක් බව මුදල් අමාත්‍යවරයා පැවැසීය. එසේ ම එය අන්තවාදය, ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින සුළුතරයගේ පරාජයක් බව ද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles