තුර්කියේ රුසියානු තනාපති වෙඩි තබා මරා දමයි

0
336

තුර්කියේ සිටින රුසියානු තානාපති අන්ද්රේයි කාලොෆ් (62) වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් වෙයි. තානාපතිවරයා තුර්කියේ අන්කාරා නුවර කලාගාරයක ඡායාරූප ප්‍රදර්ශනයක් අතරතුර රැස්වීම අමතමින් සිටියදී මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත.

සභාවේ සිටි පුද්ගලයෙකු “දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි” යනුවෙන් කෑගසමින් පිස්තෝලයකින් වෙඩි තබා සිරියාවේ අලෙපෝ නගරය පිළිබඳව ද සිහිපත් කර ඇත. මෙම වෙඩි ප්‍රහාරයෙන් තවත් කීපදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

සිරියානු රජයට රුසියාව දැක්වීම හෙළා දකිමින් පසුගියදා තුර්කියේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද දියත් විය.

ඝාතකයා තුර්කි පොලිස් සේවයේ නියුතු වූවකු බවත් රාජකාරියෙන් බැරව සිටිය දී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් ඇත. වෙඩික්කරු පොලිස් වෙඩි ප්‍රහාර හමුවේ මරුමුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[youtube]http://www.youtube.com/watch?v=y5XLyojnnz0&feature[/youtube]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here