Monday, September 23, 2024

ආරක්ෂක ලේකම්ට අපහාස කළැයි මිලියන 100 එන්තරවාසියක්

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා වෙත එන්තරවාසියක් යවා ඇත. ඒ තමන් ආරක්ෂක ලේකම් තනතුරට සුදුසු නැති බව පවසා බරපතළ අපහාසයක් සිදුකළැයි චෝදනා කරමිනි.සරත් විජේසූරිය මහතා විසින් මීට මාස කිහිපයකට ඉහතදී සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් එමඟින් තමන්ට අපහාසයක් සිදුව ඇති බව දන්වා ආරක්ෂක ලේකම්වරයා විසින් රුපියල් මිලියන 100ක් වන්දියක් ගෙවන ලෙස දන්වා මෙම එන්තරවාසිය යවා ඇත.

මහාචාර්යවරයා අදාළ මුදල නොගෙවන්නේ නම් අධිකරණයේදී එකී ප්‍රකාශය ඔප්පු කිරීමට සුදානම් වන ලෙස ආරක්ෂක ලේකම්වරයා දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා සඳහන් කර ඇත්තේ ඕනෑම අධිකරණ ක්‍රියාමාර්ගයකට තමන් සුදානම් බවයි. තමන් පැවසූ කාරණා සත්‍ය බවත් ඒවා ඔප්පු කිරීමට තමන්ට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles