Monday, September 23, 2024

තිරසර යුගයක් ජනපතිගේ ප්‍රාර්ථනාව අද ජාතිය හමුවට

තිරසර යුගයක්! තේමාකොටගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමාජ, ආර්ථික හා පරිසර හිතකාමී රටක් බිහිකිරීමේ ප්‍රාර්ථනාව අද (02) උදේ 9.30ට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් ජාතිය හමුවේ ප්‍රකාශයට පත්කැරේ.

ජනාධිපතිතුමාගේ ප්‍රාර්ථනාව මුල්කොට ගනිමින් වසර 2030දී සමාජ, ආර්ථික හා පාරිසරික තිරසර බව ඇතිකරවන ජාතික ප්‍රතිපත්ති මාලාව සකස් කිරීමේ වගකීම විශේෂඥ විද්වත් මඬුල්ල වෙත භාරදෙන බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවේ නේකවිධ ක්ෂේත්‍ර බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් පොදුජනතාවගේ ද අදහස් හා යෝජනා මත මේ රට නංවන ජාතික ප්‍රතිපත්තිමාලාව ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇති බවත්, ඊට සමගාමීව මේ වසර පුරාම රටේ යෝධ සංවර්ධනයක් ආරම්භ කරනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීය.

ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා, මුළු රටම ආවරණය වන පරිදි ඉදිරි මාස 12 පුරාම රටේ වේගවත් සංවර්ධනයක් ඇති වනු ඇතැයි කීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලංසූරිය මහතා,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක හා බැඳුනු ශ්‍රී ලංකාවක් මේ වැඩපිළිවෙළින් බිහිකිරීම අරමුණ බව කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles