යහපාලන ලොක්කෙක් ලක්ෂ 4000කට නිවසක් මිලදී ගනියි..වෙනස සැපයි

0
324

මහරගම, විද්‍යාකර මාවතේ අක්කර කිහිපයක විශාල ඉඩමක පිහිටි  සුවිසල් නිවසක් මීට සති කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු විසින් මිලදි ගෙන ඇති බව දැන ගැනිමට ඇත. එම ලොක්කා එම නිවස මිලදී ගැනීමත් සමග එම නිවසට යන මාර්ගය රජයේ වියදමින් අලුතෙන් කාපට් යොද පිලිසකර කිරීමද සිදුව තිබේ.

එම නිවස රුපියල් ලක්ෂ 4000 ක මුදලකට මිලදී ගෙන ඇති බවද පැවසේ. මෙම නිවස මුල් වරට ගොඩනගා ඇත්තේ මහරගම ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකුව සිටි මාර්ටින් පෙරේරා මහතා විසින් වන අතර පසු කාලයේදි ඔහු ව්‍යාපාරික වශයෙන් බංකොලොත් වීම නිසා මාළු මංජු නමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට ඒ විකුණා තිබේ. ඔහු පසුගිය රාජපක්ෂ රෙජීමය හා ඉතා සමිපව කටයුතු කළ අයකු වන අතර යුද හමුදාවට මාළු ඇතුලු ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවකු ලෙසද කටයුතු කර ඇත.

කෙසේ නමුත් මේ වන විට යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු ගේ සමිප ව්‍යපාරික ඥාතිවරයකු හරහා මෙම නිවස මිලදී ගැනිම සිදුව තිබේ. ලක්ෂ 4000 ක් හෙවත් කෝටි 40 ක පමණ වියදමක් දරා මෙම නිවස මිලදී ගැනිමට තරම් මෙම යහපාලන සොහොයුරන් දැන් ධනයෙන් ආඩ්‍යව ඇති බව පැහැදිලිය. පිහිනුම් තටාක ටෙනිස් ක්‍රීඩා පිටි ආදියද මෙම පරිශ්‍රය තුල පිහිටා ඇත. මේ වන විට ප්‍රභු ආරක්ෂකයන් මෙම නිවසේ ආරක්ෂාවට යොදවා ඇති බවද දැන ගැනිමට ඇත.

malu manju 2      WWW.LANKADAILY.COM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here