Tuesday, April 30, 2024

මොරගහකන්ද මංගල දියවර පිරෙයි

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේ ‘‘මංගල දියවර රැඳවුම් මංගල්‍යය’’ අද (10) සුබ මොහොතින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය මගින් මාතලේ, කුරුණෑගල, ති‍්‍රකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය යන දිස්ති‍්‍රක්කවල කෙත් බිම්වලට ජලය සැපයීමට සැලසුම් කර ඇති අතර රජරට ප‍්‍රදේශයේ වකුගඩු රෝගයට විසඳුමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබාදීම ද මෙම ව්‍යාපෘතියේ තවත් මූලික අරමුණක් බව සඳහන්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටිය දී එනම්, 2007 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබුණූ අතර එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ 2012 වසරේදී ආරම්භ කෙරුණි. එසේම මොරගහකන්ද ව්‍යාපෘතිය 2020 වන විට අවසන් කිරීමට නියමිතය.

මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැළකෙන මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන අතර ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555.7කි.

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආදායමක් අපේක්ෂා කරන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ 2කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles