මහජන මුදල් ලක්ෂ නව සියයක් යොදවා -රාජපක්ෂ ස්මාරක තැනූ අයට වැඩ වරදී

1
583

ඩී.ඒ .රාජපක්ෂ මහතා සහ එම මහත්මියගේ දේහයන් තැන්පත් කැර ඇති ස්ථානයේ ඉදිකරන ලද ස්මාර්කය වෙනුවෙන් වැය කරන ලද මුදල් පිළිබදව විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරේ.

මේ අනුව මුදල් අමාත්‍යංශයට අයත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් නිලධාරීන් සහ හම්බන්තොට දිස්ත්‍රික් තක්සේරු නිලධාරීන් ඊයේ(19) පෙරවරුවේ එහි විමර්ශන කටයුතු හා මිණුම් කටයුතු සිදු කළහ. මෙම අවස්ථාව සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ද පැමිණ සිටියහ.

එවකට පැවති පහත් බිම් ගොඩ කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ නව සියයක් යොදවා මෙම ඉදි කිරීම් කැර ඇති බවට ලද තොරතුරු මත මෙම විමර්ශන කටයුතු ආරම්භ කෙළේය. මෙහි අවසන් වාර්තාව සකස් කිරීම සඳහා මෙදින විමර්ශන හා මිණුම් කටයුතු සිදු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here