අපේකම සහ අපේ සංස්කෘතිය රැුකගෙන ඉදිරියට යා යුතුයි -ජනපති

0
814
රටේ සියලූ දරුවන් දෙස එක ලෙස බලමින් ඔවුන් සියලූදෙනා වෙනුවෙන් රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කර උගතුන්ගෙන් පරිපූර්ණ සමාජයක් ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද (23) පෙරවරුවේ එක්වෙමිනි.
විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසුවියන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගන්නා ලදී.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා විශාඛාවේ වසර සියයක විශිෂ්ට ගමන් මග ඇගයිමට ලක් කළේය.
නව තාක්ෂණය, වාණිජකරණය, තරගකාරිත්වය මෙන්ම විෂම සමාජ බලවේග හෙට දවසේ අපට අභියෝග රැසක් එල්ල කර ඇති අතර එම සියල්ල හමුවේ අපේකම සහ අපේ සංස්කෘතිය රැුකගෙන ඉදිරියට යාමට අපේ දරුවන් වහා සූදානම් විය යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
1917 දී ජෙරමියස් ඩයස් මැතිණිය විසින් ආරම්භ කරන ලද කොළඹ විශාඛා විද්‍යාලය ශී‍්‍ර ලංකාවේ පැරණිතම බෞද්ධ බාලිකා පාසලකි.
විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් නිකුත් කරන ලද සමරුකාසිය මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
අමාත්‍යවරුන් වන රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද විදුහල්පතිනි සදමාලි අවිරුප්පොල මහත්මිය ඇතුථ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here