Sunday, September 22, 2024

O /L නැත්නම් ටෙලිකොම් බෑ – ඇමති හරීන්

ටෙලිකොම් ආයතනයේ කටයුතුවල දී තමන්ට තනිව නිර්දේශ ලබාදීමේ නිලබලයක් නොමැති බවත් තමන් නමට පමණක් එම විෂයෙහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
ටෙලිකොම් ආයතනයේ සියයට 49 කොටස් මැ‍ලේසියානු සමාගමකට අයත් බැවින් එම සමාගමේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට තමන්ට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.
මෑන්පවර් සේවකයන් සඳහා ස්ථිර පත්වීම් ලබාදීමේ දී ගැටලු රැසක් පැන නැගී ඇති අතර මෙම සේවකයන් අතරත් විශාල පිරිසක් සාමාන්‍ය පෙළවත් සමත් නොමැති බව පැවසූ අමාත්‍යවරයා මේ වන විට සේවකයන් 2100ට පත්වීම් ලබාදීමට තීරණය කළ ද ඒ සඳහා ද කමිටුවක් පත්කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම සාමාන්‍ය පෙළ සමත් නොවූ සේවකයන් හට රජයේ මුදල් වියදම් කරමින් එන්.වී.කිව්  සහතිකය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ටෙලිකොම් ආයතනයේ ලාභයෙන් සියයට 48ක් පමණ සේවකයන්ගේ වැටුප් ලබාදීමට වියදම් කරන බවත් ඔවුන්ගේ වැටුප් සියයට 15 ගානේ වාර්ෂිකව වැඩිකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන් ටෙලිකොම් ආයතනයේ මෙම වර්ෂයේදී කොළඹ අවට ප්‍රදේශයට ෆයිබොයිටික් තාක්ෂණය ලබාදීමට මේ වන විට කටයුතු යොදා ඇති බවද අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ අදහස් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles